Notice for All the Students

Notice for All the Students

by Deans Office -
Number of replies: 0

කළමනාකරණ හා මූල්‍ය පීඨ අධ්‍යනාංශ ප්‍රධාන රුස්වීම 18/08/2023 දින පවත්වන ලද අතර එහිදී පළමු සමාසික අවසාන විභාගය සඳහා පෙනීසිටීමට අදාල පැමිණීමේ (Attendance) ප්‍රතිශතය නැවත සලකා බලන ලදී. එම රුස්වීමේ තීරණය පරිදි සෑම ස්ථලයකටම අයත් ශිෂ්‍ය නාම ලේඛනයන්හි පැමිණීමේ ප්‍රතිශතයන් සංශෝධනය කර ශිෂ්‍ය කළමණාකරන තොරතුරු පද්ධතියට (Student MIS) ඇතුලත් කර ඇත.

ඒ අනුව යාවත්කාලීන කරන ලද දත්ත පරීක්ෂාකර බලා විභාගයට පෙනී සිටීමට තවදුරටත් සුදුසුකම් නොලබන්නේ නම් පැමිණීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන විෂයයන්ට වෙන වෙනම අදාල අභායාචනා ලිපි එහි සදහන් කරුණු තහවුරු කිරීමට ප්‍රමාණවත් ලේඛනද අමුණා 2023/08/23 දින පෙරවරු 10. 00පෙර ඒ ඒ විෂයන්ට අදාල අධ්‍යයනාංශ වෙත ඉදිරිපත් කරන මෙන් ඔබ වෙත දැනුම් දෙමි.

ඉහත දිනට පසුව මෙම කාරණයට අදාලව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සලකා බලනු නොලැබේ.

 

ජ්‍යෙ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

18.08.2023